බලංගොඩ කස්සප හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ්

0
10

ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට මීට පෙර පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.එස්.එස්. සම්සුදීන් මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී නීතිඥයෙකුගේ සහයෝගයකින් තොරව තම පාර්ශ්වයෙන් කරුණු දැක්වූ කස්සප හිමියන් සඳහන් කර ඇත්තේ, බුද්ධ ශාසනයේ චිරස්තතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමා මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබී ඇති බැවින් අධිකරණයේ පෙනී නොසිටීම විශ්ව නීතියට අනුව සාධාරණ වන බවයි.

කෙසේ වෙතත්, අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, උන්වහන්සේව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් සාක්ෂි මෙහෙයවන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here