පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම, වැඩිදුර විභාගය සඳහා එළැඹෙන දෙසැම්බර් මස 16 වැනි දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
සමාජ ක්රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, අදාළ නඩුව අද (12) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

