පාකිස්ථානය පරදවා ශ්‍රී ලංකා කාන්තා පිල ආසියානු කුසලාන අවසන් මහා තරගයට

0
10

2026 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී පාකිස්ථාන කාන්තා කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් අවසන් මහා තරගයේ හිමිකම් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළාය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 18.4කදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here