කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (05) පෙරවරු 11.00ට නිකුත් කර ඇති සහ හෙට (06) අලුයම 1.00 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවත්, එම අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බැවින් අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

