ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

0
13

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැක. එහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි පතනයක් ද අපේක්ෂා කෙරේ.

මීට අමතරව, අනුරාධපුරය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මූලික වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.

සුළං තත්ත්වය පිළිබඳව සැලකීමේදී, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40-50 දක්වා වූ තරමක තද සුළං විටින් විට හමා යා හැකිය.

එබැවින්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here