ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි

0
17

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එමඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here