පස්වරුවේ දිවයින පුරා වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්.

0
13

අද පස්වරුවේ දිවයින පුරා වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක් – ස්ථාන කිහිපයකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේත් ගාල්ල, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල පෙcheck අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here