නොවැම්බර් 01 සිට බැංකු ගිණුම්, වාහන හා ඉඩම් ලියාපදිංචියට TIN අංකය අනිවාර්ය කෙරේ

0
19

එළඹෙන 2026 නොවැම්බර් 01 වනදා සිට රට තුළ නිශ්චිත කාර්යයන් සහ සේවාවන් රැසක් ලබාගැනීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බැංකු ගිණුම් විවෘත කිරීම, ණය කාඩ්පත් ලබාගැනීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, වාහන ලියාපදිංචිය හා බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් හිමිකම් හා ව්‍යාපාර ලියාපදිංචිය මෙන්ම සමාගම් කොටස් පැවරීමේදී TIN අංකය තහවුරු කළ යුතුය.

අදාළ කටයුතුවලට පෙර නිලධාරීන් විසින් මෙම TIN අංකය වලංගුදැයි පරීක්ෂා කළ යුතු අතර, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති අයට හෝ එහි වලංගුභාවය පරීක්ෂා කරගැනීමට අවශ්‍ය අයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ e-Services නිල වෙබ් අඩවිය (eservices.ird.gov.lk) භාවිත කළ හැක.

හැඳුනුම්පත් අංකය සහ TIN අංකය සහිත අන්තර්ජාල මුද්‍රිත පිටපත ද නිල සහතිකය වෙනුවට පිළිගන්නා බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here