නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 470 දක්වා ඉහළට

0
10
Damaged houses stand precariously near the swollen, debris-choked banks of the Trishuli River after flash floods in Nepal's Nuwakot district on Wednesday, Aug. 26, 2026. (AP Photo/Niranjan Shrestha)

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 470 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ මෙම දැවැන්ත ස්වාභාවික ආපදාව හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින අතර, පීඩාවට පත් වූවන් මුදාගැනීම, අතුරුදන් වූවන් සෙවීම සහ විපතට පත් වූවන්ට අවශ්‍ය හදිසි සහනාධාර සැපයීමේ මෙහෙයුම් විපතට පත් ප්‍රදේශ පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

යටිතල පහසුකම් බොහොමයකට සහ නිවාසවලට බරපතල හානි සිදුව ඇති පසුබිමක, සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ මුදාගැනීමේ කටයුතු තීව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here