ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ අනුව සිදු කර ඇති නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් පහත පරිදි වේ.
-
කළුතර දිස්ත්‍රික්කය: එම දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කයට මාරු කර යවා ඇත.
-
කෑගල්ල දිස්ත්‍රික්කය: එහි සේවය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කය වෙත මාරු කර තිබේ.
-
යාපනය දිස්ත්‍රික්කය: යාපනය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයට මාරු කර යවා ඇත.
-
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය: එම කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධන කොට්ඨාශයට මාරු කර තිබේ.
-
පොලිස් සුබසාධන කොට්ඨාශය: එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අනුයුක්ත කර ඇත.

