ක්‍රිෂ් (Krrish) සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව පිහිටි ‘ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය’ භූමිය අදාළ සමාගම වෙත කඩිනමින් ලබාගැනීමට සහාය වීම වෙනුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමේ චෝදනාව මත ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

