දෙවුන්දරට දකුණින් පිහිටි ජාත්‍යන්තර මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන කිසිදු රටකට අයත් ධජයක් නොමැති යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
එම යාත්‍රාවේ සිටි විදේශීය ජාතිකයන් හත්දෙනෙකු ද නාවික හමුදා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
වැඩිදුර විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ යාත්‍රාව සහ සැකකරුවන් ඊයේ (සිකුරාදා 27) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
කෙසේ වෙතත්, යාත්‍රාවේ තිබී සොයාගත් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය වර්ගය හෝ එහි ප්‍රමාණය පිළිබඳ තොරතුරු නාවික හමුදාව විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.

