දෙණියාය, බෙවරලිය ප්රදේශයේ දොළක දිය නෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.
නුගේගොඩ ප්රදේශයේ සිට පැමිණි 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිය නෑමට ගොස් ඇති අතර, එහිදී මෙම පිරිස අනතුරට ලක්ව තිබේ. අතුරුදන් වූ සිව්දෙනා සෙවීම සඳහා මේ වන විට විශේෂ සෙවුම් මෙහෙයුමක් ක්රියාත්මකයි.

