රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් 14ක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (03) ආරම්භ විය.
ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනේ. හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
යෝජිත පනත් කෙටුම්පත මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්, පරමාධිපත්‍යය මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ද කප්පාදු වන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර අනුමැතියට අමතරව ජනමත විචාරණයකට ද යොමු කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

