දුමින්ද දිසානායකට එරෙහි නඩුවක් කල්යයි

0
14

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළ බලපත්‍ර නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ කසකස්ථාන ජාතික කාන්තාවකට එරෙහිව ගොනුකර ඇති නඩුව නොවැම්බර් මස 4 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නැමැති කසකස්ථාන් ජාතික කාන්තාව අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බව පැමිණිල්ල දැනුම්දීම හේතුවෙන්, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව නොවැම්බර් 4 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

2025 වසරේ මැයි මස 20 වනදා වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී මෙම සිදුවීම සිදුවූ අතර නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here