දිස්ත්රික්ක 07ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඊයේ (27) රාත්රී 9.00 සිට ක්රියාත්මක වන මෙම නිවේදනය අද (28) පස්වරු 4.00 දක්වා වලංගු වේ.
ඒ අනුව, පළමු අදියරේ ‘විමසිලිමත් වන්න’ (කහ) අනතුරු ඇඟවීම පහත සඳහන් දිස්ත්රික්ක සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වේ:
-
බදුල්ල: හල්දුම්මුල්ල, පස්සර
-
කළුතර: පාලින්දනුවර, බුලත්සිංහල
-
මහනුවර: යටිනුවර, තුම්පනේ, හතරලියද්ද, උඩපළාත, ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර, දොළුව, උඩුනුවර
-
කෑගල්ල: අරණායක, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, රඹුක්කන
-
මාතලේ: රත්තොට
-
නුවරඑළිය: කොත්මලේ නැගෙනහිර, නිල්දණ්ඩාහින්න, කොත්මලේ බටහිර, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, තලවකැලේ, වලපනේ
-
රත්නපුර: කුරුවිට, කිරිඇල්ල
මෙම ප්රදේශවල කඳුකර බෑවුම් ආශ්රිතව වෙසෙන ජනතාව නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් පිළිබඳව දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි. පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත්, බලධාරීන් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

