දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

0
4

උතුරු මැද, නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අද (08) පස්වරු 4.00 ට නිකුත් කළ මෙම නිවේදනය හෙට දිනය දක්වා වලංගු වන අතර, අදාළ ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇත.

මේ අතර හෙට දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව ඌව පළාත මෙන්ම මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, අකුණු සහ තද සුළංවලින් සිදුවන අනතුරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here