දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා – භූතානය තරගය ජයපරාජයෙන් තොරව අවසන් වෙයි

0
11

බංග්ලාදේශයේ ඩකා ජාතික ක්‍රීඩාංගණයේදී පැවති දකුණු ආසියානු පාපන්දු (SAFF) තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර පැවති මූලික වටයේ තරගය ගෝල 2-2ක් ලෙස සමානව නිමාවට පත්විය. මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වූ මෙම තරගයේදී දෙපිළම ඉතා තියුණු හා උද්යෝගිමත් ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළහ.

වසර 33ක ඉතිහාසයකට හිමිකම් කියන මෙම තරගාවලිය 1993 වසරේදී ආරම්භ වූ අතර, එහිදී ශ්‍රී ලංකාව අනුශූරතාව දිනාගත් අතර 1995 වසරේදී ශූරතාවට හිමිකම් කීමට සමත් විය. කෙසේ වෙතත්, 1995 වසරෙන් පසු මේ දක්වා කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අවසන් මහා තරගයකට පිවිසීමට සමත්වී නොමැත.

15 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය මීළඟ තරගය එළැඹෙන 11 වැනි දින සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here