ගත වූ සති අන්තයේ ඇදහැලුණු දැඩි වර්ෂාපතනයත් සමඟ තායිලන්තයේ බැංකොක් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක උග්‍ර ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
සැප්තැම්බර් 16 වනදා සිට ප්‍රාන්ත 41කට බලපෑ මෙම ආපදාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව නිවාස 580,000කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇත.
බැංකොක් නගරයේ ජලාපවහන පද්ධතිය අකර්මන්‍ය වීමෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර, ප්‍රාදේශීය ආර්ථික විද්‍යාඥයින්ගේ ඇස්තමේන්තුවලට අනුව මෙම ගංවතුර හේතුවෙන් සිදු වූ ආර්ථික හානිය තායි බාත් බිලියන 11ක් (ඇමරිකානු ඩොලර් මිලියන 327ක්) පමණ විය හැක.
මුහුදු මට්ටමට ආසන්නව පිහිටි බැංකොක් නුවර ක්‍රමයෙන් ගිලෙමින් පැවතීම සහ අධික වර්ෂාපතනය මෙවැනි නිතර සිදුවන ආපදාවන්ට ප්‍රධාන හේතුව වී තිබේ.

