තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
10
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ අවදානමක් පවතින බැවින්, මුහුදු යන ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here