ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් (Mitchell Starc) ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම විකට් සංඛ්‍යාවක් ලබාගත් වමත් පන්දු යවන්නා බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
ඩාර්වින් හිදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී, බංග්ලාදේශ ආරම්භක පිතිකරු ශඩ්මන් ඉස්ලාම්ගේ (Shadman Islam) විකට්ටුව දවා ගනිමින් ස්ටාර්ක් සිය 434 වන ටෙස්ට් විකට්ටුව ලෙස මෙම සන්ධිස්ථානය පසු කළේය.
මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 1999 සිට 2018 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 93 කදී විකට් 433 ක් ලබාගත් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ය. ස්ටාර්ක් විසින් රංගන හේරත්ගේ එම වාර්තාව බිඳ හෙලමින් ඉදිරියට පැමිණීමට සමත් විය.
මේ අතර, මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 198 ක් පමණි. මෙය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී බංග්ලාදේශයට එරෙහිව ඔස්ට්‍රේලියානු කණ්ඩායම රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා පොත් අතරට එක්විය.

