ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති සහ අධ්යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර, සාමපුර ප්රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ඇති ගොඩනැඟිලි රජයේ දේපළක් ලෙස පෙන්වා දෙමින් අතුරු බදු ගිවිසුම් සකස් කර, ඒවා ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනම යටතේ ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනා එල්ල වී ඇත.
එම කටයුතු වෙනුවෙන් තුන්වන පාර්ශ්වයක් වෙත තරුණ සේවා සභාවේ අරමුදල්වලින් නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 38ක් ගෙවීමට සැලැස්වීම සහ අධ්යක්ෂ මණ්ඩලයේ කිසිදු විධිමත් අනුමැතියකින් තොරව අදාළ ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම සඳහා සභා අරමුදල්වලින් තවත් රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවීම යන චෝදනාවන් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. මේ හරහා රජයට රුපියල් ලක්ෂ 51ක පාඩුවක් සිදු කර ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි.
සැකකාර හිටපු සභාපතිවරයා අද දින කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

