2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අයත් ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු විශේෂ වියදම් ඒකක 21ක වැය ශීර්ෂ අද (21) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන රහිතව සම්මත විය.
අද දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශේෂ වියදම් ඒකක 21 පහත පරිදි වේ.
-
විධායක සහ කැබිනට් කාර්යාල: ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අමාත්‍ය මණ්ඩල කාර්යාලය.
-
පාර්ලිමේන්තු ආයතන: පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ කාර්යාලය, විපක්ෂ නායකගේ කාර්යාලය සහ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය (ඔම්බුඩ්ස්මන්).
-
අධිකරණ සහ නීතිමය ආයතන: උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය.
-
ස්වාධීන කොමිෂන් සභා සහ සෙසු ආයතන: රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, ජාතික පොලිස් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කොමිෂන් සභාව.

