අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා අද (09) පෙරවරු 9.00ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
විමර්ශනයකට අදාළව ප්රශ්න කර ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා මීට පෙර මන්ත්රීවරයා වෙත කරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස කොමිසම වෙත පැමිණෙන බව අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

