ගාසා තීරයේ සිදුවන ජනසංහාරයට එරෙහිව දැඩි විරෝධයක්.නෙතන්යාහුගේ එක්සත් ජාතීන්ගේ කතාව අතරතුර නියෝජිතයෝ රැසක් සභාවෙන් පිටව යති.

0
8

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු බ්‍රහස්පතින්දා පීඨිකාවට පැමිණීමත් සමඟම රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් රැසක් සභාගර්භයෙන් පිටව ගොස් තිබේ.

ගාසා තීරයේ ඉශ්‍රායලය ගෙන යන විනාශකාරී සහ ජනසංහාරක යුද්ධය සම්බන්ධයෙන් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ලෝක නායකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ඉශ්‍රායලය ලක්වෙමින් පවතින පසුබිමක මෙම විරෝධතාව පැනනැඟුණි.

අගමැති නෙතන්යාහු කතාව ආරම්භ කිරීමට සූදානම් වෙද්දීම නියෝජිතයන් රැසක් විරෝධය පාමින් පිටව ගිය අතර, ඒ හේතුවෙන් සභාවේ අසන විශාල ප්‍රමාණයක් හිස්ව පැවති බව වාර්තා වේ. මෙම විරෝධතා හමුවේ වුවද නෙතන්යාහු සිය අදහස් දැක්වීම ඉදිරියටම කරගෙන ගියේය.

Delegates walk out as Netanyahu defends Israel at UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here