ගාල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කට රතු නිවේදන

0
7

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නියගම, තවලම සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 3 වන මට්ටමේ (ඉවත් වීමේ) රතු නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.

මීට අමතරව ගාල්ලේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ වළස්මුල්ල යන ප්‍රදේශ සඳහා වන නායයෑමේ අවදානම 2 වන මට්ටම දක්වා ඉහළ නංවා ඇත.

කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය සහ රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක 8ක පෙර නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (25) පස්වරු 1.00 දක්වා තවදුරටත් බලපැවැත්වෙන බව ද එම සංවිධානය වැඩිදුරටත් නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here