ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ තීරණයට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 වැනිදා යළි කැඳවයි

0
8

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් ලබන නොවැම්බර් මස 18 වැනි දින යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.

අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

පූජ්‍ය තීනියාවල පාලිත හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ පිරිසක් විසින් මෙම පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here