ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට.

0
4

මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කර ඇති අතර, එහි තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙම ගංජා තොගය වැටලීමකදී අත්අඩංගුවට ගත් ඒවා බවට මෝටර් රථයේ සිටි සුරාබදු නිලධාරීන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එවැනි වැටලීමක් සිදුකළ බවට හෝ අදාළ ගංජා තොගය ප්‍රවාහනය කිරීමට නීත්‍යනුකූල අවසරයක් ලබාගෙන ඇති බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

ඒ අනුව, සුරාබදු නිලධාරීන් දෙදෙනා සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බෙගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here