කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අවධානය.

0
7

කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026 ඊයේ (01) කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී උතුරු කොළඹ සහ මැද කොළඹ පොලිස් බල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම 2026 වර්ෂයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක ප්‍රජාශක්ති වැඩසටහන්, විමධ්‍යගත සංවර්ධන වැඩසටහන්, පළාත් සභා සංවර්ධන වැඩසටහන් සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

අදාළ සංවර්ධන යෝජනා පිළිබඳව සාකච්ඡා කර අනුමත කිරීම මෙන්ම පසුගිය කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීමද මෙහිදී සිදු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නජිත් ඉන්දික මහතා සහ මුජිබර් රහුමාන් මහතා, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයින්, කොළඹ ප්‍රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතා, ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අබ්දුල් රහ්මාන් අසීම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here