කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක පිහිටි කාමරයක් තුළ අද (03) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම අනතුර සිදු වන අවස්ථාවේදී අදාළ කාමරය තුළ කිසිදු සිසුවියක් නොසිටි අතර, ගින්න හේතුවෙන් කාමරයේ සිටි සිසුවියන්ට අයත් සියලුම දේපළ හා භාණ්ඩ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ යොදවා ඇති අතර, ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

