කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (25) යෙදී ඇති අතර, ඊට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තැඹිලි පැහැති ඇඳුමින් සැරසී අද පාර්ලිමේන්තු විවාදයට සහභාගී විය.
කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් පිළිබඳව ලෝක අවධානය යොමු කිරීමේ අරමුණින් සෑම වසරකම නොවැම්බර් 25 වැනිදා මෙම ජාත්‍යන්තර දිනය සමරනු ලබයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලොව පුරා වෙසෙන කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු සිය ජීවිත කාලය තුළ කුමන හෝ ආකාරයක හිංසනයකට ගොදුරු වන බවයි.

