චීනයේ පැවැත්වෙන Asia Rugby Men’s Sevens Series තරගාවලියේ C කාණ්ඩයේ පළමු වටයේ තරගයකදී කසකස්තාන කණ්ඩායම ලකුණු 49-07ක් ලෙස පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් විය.
තරගය ආරම්භ වූ මොහොතේ සිටම ප්‍රබල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගනිමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය තහවුරු කරගත්හ.

