එල් නීනෝ සංසිද්ධිය නිසා ඇතිවූ දැඩි නියඟය හේතුවෙන් ගටුන් සහ ඇලහුවේලා ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීම නිසා පැනමා ඇල හරහා දිනකට ගමන් කරන නැව් සංඛ්‍යාව 36 සිට 32 දක්වා සීමා කිරීමට එහි පරිපාලනය තීරණය කර ඇත.
අත්ලාන්තික් සහ පැසිෆික් සාගර යා කෙරෙන මෙම ජල මාර්ගයේ මිරිදිය හිඟය හේතුවෙන් පැනවූ මෙම නව සීමා කිරීම් සැප්තැම්බර් 15 වනදා සිට බලපැවැත්වේ.

