එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමට පලස්තීන ජනාධිපතිවරයාට අමෙරිකාවෙන් යළි තහනම්

0
11

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් (Mahmoud Abbas) ඉදිරිපත් කළ වීසා ඉල්ලුම අමෙරිකාව විසින් නැවතත් ප්‍රතික්ෂේප කර ඇති අතර, එමඟින් අඛණ්ඩව දෙවන වසරටත් එතුමාට මෙම ජාත්‍යන්තර සමුළුව අහිමි වී තිබේ. ට්‍රම්ප් පරිපාලනය විසින් පලස්තීන අධිකාරියට (PA) සහ පලස්තීන විමුක්ති සංවිධානයට (PLO) පනවා ඇති වීසා සීමා කිරීම් දීර්ඝ කිරීම මීට හේතු වී ඇත.

පලස්තීන පාලනාධිකාරිය වොෂින්ටනයට වූ පොරොන්දු කඩ කිරීම සහ ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ හමුවේ නඩු පැවරීම මෙම පියවරට හේතු ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළද, 1947 මූලස්ථාන ගිවිසුම අනුව රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අවසර දීමට අමෙරිකාව බැඳී සිටින බව පලස්තීනය පෙන්වා දෙයි.

පසුගිය වසරේ මෙන්ම මෙවරද වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩලය ඇමතීමට ජනාධිපති අබ්බාස්ට අවසර දෙන්නේද යන්න පිළිබඳව ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 අතර ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here