ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද (17) කාඩිෆ් හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.00ට ආරම්භ වීමට නියමිත මෙම තරගයට කණ්ඩායම් දෙක මුහුණ දෙන්නේ, තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගය ජයගනිමින් එංගලන්තය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින පසුබිමකය.

