‘රටම එකට’ ජාතික මෙහෙයුම සහ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (20) දිනයේ දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් සහ වරෙන්තුකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.
ඒ අනුව, සිදු කළ වැටලීම් 858කදී හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම, පුද්ගලයින් 26,227 දෙනෙකු පරීක්ෂාවට ලක් කරමින් ක්‍රියාත්මක කළ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී සැකපිට 432 දෙනෙකු, අපරාධකරුවන් 19 දෙනෙකු, දින හා විවෘත වරෙන්තුකරුවන් 345 දෙනෙකු සහ බීමත් හා අපරික්ෂාකාරී රියදුරන් 294 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් තවත් 3,733 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

