ඉරානයට අයත් ලාරක් දූපතේ පිහිටි රොකට් විදින යන්ත්‍ර දෙකක් ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව ඊයේ (30) ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත.
පසුගිය ජූලි මස අගභාගයෙන් අනතුරුව ඉරාන භූමිය වෙත අමෙරිකාව සෘජු හමුදාමය ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය වන අතර, ප්‍රහාරයෙන් සාමාජිකයින් කිහිපදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.
එමෙන්ම මෙම ප්‍රහාරයට එරෙහිව දැඩි ලෙස පළිගන්නා බවට ද ඉරානය පවසා ඇත.

