ඉරානය සමඟ පවතින සියලුම වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර ඇත.

0
10

ඉරානය දෙසින් නැවතත් ප්‍රහාරයක් එල්ලවූ බවට චෝදනා කරමින් එරට සමඟ පවතින සියලුම වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යය තීරණය කර ඇත.

ඊයේ (18) රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ අතර, සති කිහිපයකට පසු මෙවැනි ආරක්ෂක නිවේදනයක් නිකුත් වූ පළමු අවස්ථාව මෙය වේ.

පසුගිය පෙබරවාරි 28 දා ඇරඹි ගැටුම් හමුවේ දෙරට අතර වෙළඳ සබඳතා අත්හිටුවා තිබුණද, ජූනි මස අගභාගයේදී ඇතැම් සමුද්‍රීය වෙළඳ කටයුතු නැවත ආරම්භ කර තිබිණි.

කෙසේ වෙතත්, මෙම මිසයිල ප්‍රහාර චෝදනාව ඉරාන බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, අමෙරිකානු සම්බාධක හමුවේ සිටින ඉරානය මෙම පියවරත් සමඟ ජාත්‍යන්තරය තුළ තවදුරටත් හුදකලා වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here