ඉම්රාන් ඛාන් රජයේ රෝහලකට ඇතුළත් කිරීමට එරෙහිව ෂෙබාස් ෂරීෆ්ගේ රජයට අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක්

0
9

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය නොතකමින්, ඔහු රජයේ රෝහලකට ඇතුළත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ෂෙබාස් ෂරීෆ්ගේ රජයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ගොනු කිරීමට ඔහුගේ ‘පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂය කටයුතු කර තිබේ.

73 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන් හට හෘද රෝගී සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවට වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇති අතර, ඔහුට අවශ්‍ය CT Coronary Angiography (CTA) පරීක්ෂණය ලබාදීමට පකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයේ බලධාරීන් අඛණ්ඩව අපොහොසත් වී ඇතැයි PTI පක්ෂයේ මධ්‍යම තොරතුරු ලේකම් ෂෙයික් වකාස් අක්‍රම් චෝදනා කරයි. අදාළ රෝහල් පරිශ්‍රයේ සක්‍රිය මට්ටමේ CT ස්කෑනර් යන්ත්‍රයක් තිබියදී පවා මෙම පරීක්ෂණය සිදු නොකළ බව ‘Dawn’ පුවත්පත වාර්තා කර ඇත.

අග්‍රාමාත්‍යවරයා, නීති අමාත්‍යවරයා, තොරතුරු අමාත්‍යවරයා සහ ඊට සම්බන්ධ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කළ බව ඉම්රාන් ඛාන්ගේ නීති උපදේශක නයීම් පන්ජුතා පවසා තිබේ. එබැවින් ඉම්රාන් ඛාන් මහතාව වහාම ‘ෂිෆා ඉන්ටර්නැෂනල්’ පෞද්ගලික රෝහල වෙත යොමු කර අදාළ විශේෂ වෛද්‍ය පරීක්ෂණය සිදුකරන ලෙස PTI පක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here