ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්

0
10

ඉම්රාන් ඛාන් මහතාට නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය සැලකිලි ලබා දෙන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් 21 දෙනෙකු එකතුව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ඇලන් බෝඩර් සහ ග්‍රෙග් චැපල් ඇතුළු ලෝක පූජිත ක්‍රිකට් නායකයන් රැසක් මෙම ඉල්ලීමට අත්සන් තබා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකමින් ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය පරීක්ෂණ නිසි ලෙස සිදු නොකිරීම සහ ඔහුව වහාම යළි බන්ධනාගාරගත කිරීම පිළිබඳව මෙම හිටපු නායකයින් සිය දැඩි කණගාටුව පළ කරයි. විශේෂයෙන්ම ඔහුගේ දකුණු ඇසේ පෙනීම අඩුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, පෞද්ගලික වෛද්‍යවරුන් සහ සහෝදරිය ඇතුළත් වෛද්‍ය මණ්ඩලයකට ස්වාධීන පරීක්ෂණයක් සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

එසේම, අධිකරණය මඟින් අනුමත කර ඇති සතිපතා පවුලේ සාමාජිකයන් හමුවීමේ අයිතිය බාධාවකින් තොරව ලබා දෙන ලෙසත්, වෛද්‍ය නිර්දේශ මත පදනම් වූ ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here