පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය සහ PTI පක්ෂ නිර්මාතෘ ඉම්රාන් ඛාන් අඩියාලා බන්ධනාගාරය තුළ ශාරීරික හා මානසික පීඩාවන්ට මුහුණ දෙන බවත්, කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් ඔහු අත්අඩංගුවේදීම මියයාමේ අවදානමක් පවතින බවත් ඔහුගේ පුතුන් වන සුලෙයිමාන් ඊසා ඛාන් සහ කාසිම් ඛාන් විදෙස් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
සිය පියා දිනකට පැය 22ත් 23ත් අතර කාලයක් හුදකලා සිරමැදිරියක රඳවා ඇති බවත්, බාහිර පුද්ගල ඇසුරකින් තොරව ස්වාධීන වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ඇති බවත් ඔවුන් චෝදනා කරයි. තවද, වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හි ෂිෆා ජාත්‍යන්තර රෝහලට මාරු කරන ලෙස අගෝස්තු 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය බලධාරීන් ක්‍රියාත්මක කර නොමැති බවද පුතුන් පෙන්වා දී ඇත.
මේ අතර, ඉම්රාන් ඛාන් විසින් තමාට සහ සිය බිරිඳ වන බුෂ්රා බිබී හට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා පාකිස්තානයේ ඉහළම විනිසුරුවරුන් වෙත විවෘත ලිපියක් යොමු කර ඇති පසුබිමක මෙම අදහස් පළ වී තිබේ.
කෙසේ වෙතත්, පාකිස්තාන කැබිනට් අමාත්‍ය තාරික් ෆසාල් චෞද්රි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඉම්රාන් ඛාන්ට නිරන්තර වෛද්‍ය අවධානය ලබා දෙන බවත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා අවස්ථා 8කදී ඉස්ලාමාබාද්හි පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනය වෙත රැගෙන ගිය බවත්ය. එමෙන්ම, ඔහු හුදකලා සිරමැදිරියක රඳවා ඇති බවට සහ පවුලේ අයට හමුවීමට ඉඩ නොදෙන බවට එල්ල වන චෝදනා ද රජය ප්‍රතික්ෂේප කර ඇත.

