ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි.

0
8

ඉන්දුනීසියාවේ ‘අනක් ක්‍රකටෝවා’ (Anak Krakatau) ගිනි කන්ද හදිසියේම සක්‍රිය වී වායුගෝලයට අධික ලෙස අළු සහ ලාවා විමෝචනය කිරීම හේතුවෙන් ජකර්තා අගනුවර පිහිටි ප්‍රධානතම ගුවන්තොටුපොළ වන Soekarno-Hatta ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ගිනි කන්දේ ක්‍රියාකාරීත්වය එකවරම ඉහළ යාම නිසා අද (06) දහවල් වන තෙක් ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කළ බව ගුවන්තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට ආරම්භ වූ මෙම ගිනි කඳු පිපිරීමෙන් නිකුත් වූ අධික ශබ්දය කිලෝමීටර 700ක් පමණ ඈතට පවා ඇසුණු බව ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන අතර, ගිනි කන්දෙන් පිටවූ අළු සහ දුම් පටලය කිලෝමීටර 15ක් (අඩි 50,000ක්) පමණ ඉහළට විහිදී ගොස් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ද තැන්පත් වී ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

කෙසේ වෙතත්, මෙම ගිනි කඳු පිපිරීම හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒජන්සිය වැඩිදුරටත් තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here