ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

0
6

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ආසන්නයේ පිහිටි කර්මාන්තශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගින්න හේතුවෙන් තවත් සේවකයන් 36 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ගින්නෙන් විනාශයට පත් වූ තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටිය හැකි පුද්ගලයන් සොයා සහන සේවකයන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් සිටිති.

ගින්න ඇතිවීමට හේතුව සහ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here