ඉන්දීය නාවික හමුදාවට අමෙරිකාවෙන් ‘MQ-9B සී ගාඩියන්’ ඩ්‍රෝන යානා 2ක් බදු පදනම මත ලබාගැනීමට ගිවිසුමක්

0
11

ඉන්දීය නාවික හමුදාවේ නිරීක්ෂණ බලය ශක්තිමත් කිරීම උදෙසා අමෙරිකාවේ ‘General Atomics Aeronautical Systems’ සමාගමෙන් ‘MQ-9B සී ගාඩියන්’ (SeaGuardian) වර්ගයේ ඩ්‍රෝන යානා දෙකක් බදු පදනම මත ලබාගැනීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. මාස 30ක කාලසීමාවක් වෙනුවෙන් අත්සන් තැබුණු මෙම ගිවිසුමේ සමස්ත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 203ක් (ඉන්දීය රුපියල් බිලියන 19.43ක්) වේ.

දීර්ඝ කාලයක් ගුවනේ රැඳී සිටිමින් මුහුදු සීමා සමීපව නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති මෙම යානා මගින් ඉන්දියන් සාගර කලාපීය ආරක්ෂාව සහ මෙහෙයුම් නිසි ලෙස සංවිධානය කිරීමට ඉන්දීය නාවික හමුදාවට විශාල පිටිවහලක් ලැබෙනු ඇත. මීට පෙර 2020 වසරේදී ද ඉන්දියාව විසින් මෙම සමාගමෙන්ම ‘MQ-9A සී ගාඩියන්’ ඩ්‍රෝන යානා දෙකක් බදු පදනම මත ලබාගෙන පසුව එම කාලසීමාව දීර්ඝ කර ගැනීමට කටයුතු කර තිබුණි.

එමෙන්ම, අමෙරිකාවෙන් ආයුධ සන්නද්ධ විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන යානා මිලදී ගැනීමට දීර්ඝ කාලයක සිට දැක්වූ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙස, ‘MQ-9B ස්කයි ගාඩියන්’ සහ ‘සී ගාඩියන්’ වර්ගයේ සන්නද්ධ ඩ්‍රෝන යානා 31ක් මිලදී ගැනීමට ඉන්දීය රජය 2024 වසරේදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට එළඹ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here