ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

0
8

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) යෝජනා කර තිබේ.

පසුගියදා ඉන්දුනීසියාවේ බාලි හි පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) හමුව අතරතුරදී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

එම යෝජනාවට ශ්‍රී ලංකාවෙන් සහ පාකිස්තානයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති බව වාර්තා වන නමුත්, තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. මේ වන විට අදාළ රටවල් දෙකෙහි ක්‍රිකට් පාලක මණ්ඩල විසින් මෙම යෝජනාව පිළිබඳව සලකා බලමින් සිටින අතර, ඔවුන්ගේ අවසන් එකඟතාව හිමිවූ වහාම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එම වසරේ ජූනි 18 වනදා සිට ජූලි 04 වනදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

බංග්ලාදේශය මීට පෙර අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබා දී ඇත්තේ 2016 වසරේදීය. විස්සයි20 ආකෘතියෙන් පැවැති එම තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට ද බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

එමෙන්ම, හිටපු ක්‍රීඩක තමීම් ඉක්බාල්ගේ සභාපතිත්වය යටතේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන පළමු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙය වීම ද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here