ආසියානු ක්‍රීඩා උළෙලේ රන් ජයග්‍රහණය කළ රුමේෂ් තරංගට නගෝයා හිදී උපහාරයක්

0
11

ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග ඇගයීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් නගෝයාහි ‘Espacio Castle Hotel’ හිදී විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කර තිබුණි.

එහිදී රුමේෂ් තරංගගේ ජයග්‍රහණය වෙනුවෙන් සංගමය විසින් ඔහු වෙත වටිනා මෝටර් රථයක් තෑගි ලෙස පිරිනමනු ලැබීය.

ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු ලේකම් නිශාන්ත මීගල්ල මහතාගේ සංවිධානයෙන් පැවැති මෙම ඇගයීම් උත්සවයට ජපානයේ ශ්‍රී ලංකා තානාපති පිවිතුරු ජනත් කුමාරසිංහ මහතා ඇතුළු ජපානවාසී ශ්‍රී ලාංකිකයින් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here