අරාබි පක්ෂ සමඟ සන්ධාන නෑ – නෙතන්යාහු සහ අයිසන්කොට්ගෙන් තීරණයක්

0
27

ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් යන දෙපළම අරාබි පක්ෂවල සහාය ඇතිව රජයක් පිහිටුවීමේ හැකියාව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබේ.

මැතිවරණයේ නිශ්චිත ජයග්‍රාහකයෙකු තවමත් තහවුරු වී නොමැති පසුබිමක් තුළ, බෙන්ජමින් නෙතන්යාහු තවදුරටත් භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවට පුරෝකථනය කර ඇත.

ඊයේ වන විට ඡන්ද ප්‍රතිඵලවලින් 86%කට ආසන්න ප්‍රමාණයක් ගණන් කර අවසන් වී ඇති අතර, ඊශ්‍රායලයේ ප්‍රධාන රූපවාහිනී නාලිකා තුනක් වාර්තා කර ඇත්තේ නෙතන්යාහුගේ පක්ෂ සන්ධානයට පාර්ලිමේන්තු ආසන 120න් 53ක් හිමිවනු ඇති බවයි.

එමෙන්ම, ගාඩි අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුත් විපක්ෂ කණ්ඩායමට ආසන 48ක් හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මීට අමතරව, අරාබි ඊශ්‍රායල පුරවැසියන් නියෝජනය කරන පක්ෂ සඳහා වාර්තාගත ආසන 19ක් හිමිවනු ඇති බවට ද මැතිවරණ පුරෝකථන මගින් අනාවරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here