අරලගංවිලදී අකුණු සැර වැදීමෙන් 47 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට

0
9

අරලගංවිල, අලවාකුඹුර ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් 47 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාදුරුඔය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය, සිය ඥාති පුත්‍රයා ද සමඟ පිඹුරත්තෑව ජලාශයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී මෙලෙස අකුණු අනතුරට ලක්ව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලිසිය මඟින් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here