‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ ග්‍රන්ථයේ පරිවර්තක කළ ආචාර්ය ධම්මික ජයසිංහ අද කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මුණ ගැසීමට අවස්තාවක්.

0
15

ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් සහ ආගමිකයන් අතර පැවති සහජීවනය සහ අනොන්‍ය අවබෝධය තුළින් පෝෂණය වූ සමෘද්ධිමත් ඉතිහාසය වර්ණවත් කිරීමට ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු දායකත්වය අභිමානවත් ලෙස ඉදිරිපත් කෙරෙන ‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ ග්‍රන්ථය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබේ.

ආචාර්ය රවුෆ් සෙයින් මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය ආචාර්ය ධම්මික ජයසිංහ මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. එතුමන් මුණගැසී කතා බහ කිරීමට අද 02 දින පස්වරු 7ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අවස්තාව ලැබේ.

ස්ථානය – Hall – A, ප්‍රදර්ශන කුටි අංක 79 සහ 80 (Islamic Book House)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here