අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම කිසිදු අයුරකින් කඩාකප්පල් නොකර, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ඉල්ී සිටිති. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී අද (16) පෙරවරුවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පත්කෙරුණු ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් ද අද (16) පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, එහි සම සභාපතිවරුන් ලෙස වැඩබලන අටමස්ථානාධිපති හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කටයුතු කළහ.
මෙම සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් ඇතැම් කරුණු පිළිබඳව ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට නොහැකි වීම ගැන කනගාටුව පළ කළ උන්වහන්සේ, පූජාභූමිය වටා ඉදිකිරීමට යෝජිත වැට මෙන්ම පූජා නගරයේ පදිංචි ජනතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, පූජා නගරය තුළ වෙසෙන ජනතාව ඉවත් කිරීමේ කිසිදු අදහසක් හෝ සංකල්පයක් නොමැති බව උන්වහන්සේ මෙහිදී දැඩිව අවධාරණය කළහ.

